Danum Thaksalawa – Grade 04
රු 1,690.00
දැනුම් තක්සලාව – 04 ශ්‍රේණිය
කර්තෘ – ප්‍රේම් දිසානායක
Description
පරිසරය විෂය නිර්දේශය තේමා 16 කින් සමන්විත පුළුල් විෂය නිර්දේශයකි. එකිනෙක තේමාවන් යටතේ ක්‍රියාකාරකම් රැසකි. විෂය නිර්දේශයේ දැක්වෙන ක්‍රියාකාරකම් සියල්ලම එම අංක යටතේ ම මෙම පොතෙහි ඉදිරිපත් කර ඇත. එය ඉගැන්වීම් කටයුතු වලදී ගුරුමහත්ම මහත්මීන්ට මහත් පහසුවක් වනු ඇත. මෙහිදී අත්හැරුණු හෝ අත්හළ කිසිවක් නැත. ඒ අනුව දෙමව්පියන්ට ද නිවසේදී 5 ශ්‍රේණියට අදාළ විෂය කරුණු තම දරුවන්ට ඉගැන්වීමට මෙම පොත මහෝපකාරී වනු ඇත.
සිංහල විෂය නිර්දේශය සවන්දීම (L) කතා කිරීම (S) කියවීම (R) ලිවීම (W) යන අවස්ථා යටතේ L1,S1,R1,W1 සිට L10,S10,R10,W10 දක්වා දිවෙන පාඩම් රැසකි. එම පාඩම් සියල්ලම සැලකිල්ලට ගෙන ශිෂ්‍යත්ව විභාගයේ දී වඩාත් අත්‍යාවශ්‍ය කොටස්වලට විශේෂ අවධානය යොමු කරමින් මෙම පොතෙහි සිංහල විෂය කොටස සම්පාදනය කර ඇත.
ගණිතය විෂය නිර්දේශයේ තේමාවන් සංඛයාව 19කි. බෙදීම – 1, බෙදීම – 2, බෙදීම – 3 වශයෙන් ගත්විට පාඩම් සංඛ්‍යාව තවත් වැඩිවෙයි. මෙහිදී ශිෂ්‍යත්ව විභාගයේදී ප්‍රශ්න ලැබෙන රටාව අනුව පාඩම් ගොනුකර ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඔබට ගණිතය විෂය නිදේශය වඩාත් පහසුවෙන් ආවරණය කර ගැනීමට අවස්ථාව සැලසෙයි.
ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න ලැබෙන රටාව සැලකිල්ලට ගනිමින් 5 ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි හා දෙමළ තේමාවන් යටතේ අවශ්‍ය කරුණු මෙම පොතට එක් කර ඇත.
Additional information
Weight | 0.66 kg |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.