Liveeme Kusalatha 3 – Grade 01
රු 300.00
ලිවීමේ කුසලතා අභ්‍යාස 03 පොත – 01 ශ්‍රේණිය
සම්පාදනය – නයනා නිලීකා හෙට්ටිආරච්චි
Description
2016 වර්ෂයේ සිට පළමුවන ශ්‍රේණිය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශිත නව සංශෝධිත විෂය මාලාව ක්‍රියාත්මක වේ. ඒ අනුව මව්බස විෂය ක්ෂේත්රයේ ලිවීම ක්‍රියාකාරකම් සදහා අක්ෂර ඉගැන්වීමේ අනුක්‍රමය අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ දක්වා ඇත.
පළමුවන ශ්‍රේණියේ සිසුන්ට පහසුවෙන් හා පැහැදිලි ව උච්චාරණය කළ හැකි ශබ්ද සහිත අක්ෂර, ඉගැන්වීම පහසු අක්ෂර,
සමාන හැඩ සහිත අක්ෂර හා වැඩිපුර භාවිතා වන අක්ෂර යන කරුණු පාදක කොට ගෙන මධ්‍ය, ආරෝහණ හා අවරෝහණ අක්ෂර ලෙස මෙම ඉගැන්වීමේ අනුක්‍රමය සකස් කර ඇත.
මෙම අක්ෂර ඉගැන්වීමේ අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතෙහි අකුරු දෙකේ වචන 70 ක් ක්‍රමානුකුල ව ඉදිරිපත් කර ඇත.
අක්ෂර හඳුනා ගැනීමෙන් අනතුරුව එම අක්ෂර යෙදුණු වචන ලිවීම හා කියවීම සඳහා දරුවාට හැකියව ලබා දීමට ගුරු දෙගුරු දෙපිරිසට ම මෙම පොත මහගු උපකාරයකි.
මෙය “සමනල දැනුම රන් දොරටුව” පොත් මාලාවේ පළමු කාණ්ඩයේ අංක 3 පොත ය.
Additional information
Weight | 0.065 kg |
---|
Reviews
There are no reviews yet.